ගාසා ජන සංහාරයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය වොෂින්ටන් ඩී.සී. හි විරෝධතාවක් පවත්වයි

සසප විසින්
සත්කාරකත්වය දරන ලද බදාදා රැලිය සහ රැස්වීම, ලෝක අධිරාජ්‍යවාදය මධ්‍යයේ සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ සන්ධිස්ථානයක් සලකුනු කලේය.

[මෙය Socialist Equality Party holds demonstration in Washington D.C. against the Gaza genocide and imperialist war යන මැයෙන් 2024 ජූලි 24 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය ජුලි 24 වනදා සමාජවාදී සමානතා පක්ෂය (සසප), ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස), ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු විසින් කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසියක් අමතා කරන කතාවට විරෝධය පල කිරීමට, වොෂින්ටන් ඩී.සී. හි බලගතු රැලියක් හා රැස්වීමක් පැවැත්වීය.

සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ කිෂෝර්, බෙන්ජමින් නෙතන්‍යාහු කොන්ග්‍රසය අමතා කරන දේශනයට එරෙහි විරෝධතාවයේ දී කතා කරයි

සිය ගනනක් පන්ති-සවිඥානික කම්කරුවෝ හා තරුනයෝ සසප රැලියට හා රැස්වීමට සහභාගී වූ අතර, නෙතන්‍යාහුගේ ප්‍රකෝපකාරී සංචාරයට එරෙහිව දහස් ගනනක් වොෂින්ටනය පුරා විරෝධතා දැක්වූහ. කොන්ග්‍රසය අමතා ඔහුගේ දේශනය පැවැත්වුනේ, ඊශ්‍රායලය පලස්තීනය ආක්‍රමනය කිරීම නීති විරෝධී බවට යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර අධිකරනය (ජාඅ) තීන්දු කිරීමෙන් දින කිහිපයකට පසුව සහ ද ලාන්සෙට්, ගාසා තීරයේ සැබෑ මරන සංඛ්‍යාව අවම වශයෙන් 186,000 ක් බවට ඇස්තමේන්තුවක් ප්‍රකාශයට පත් කිරීමෙන් සති කිහිපයකට පසුවය.

සසප රැලිය, කොන්ග්‍රසය ඉදිරියේ නෙතන්‍යාහු කල කතාව සමග සමපාත වූ අතර, එහිදී ෆැසිස්ට් යුද අපරාධකරු නේතන්යාහු ජන සංහාරය සම්පූර්නයෙන් ආරක්ෂා කරමින්, “මෙය ශිෂ්ටාචාරවල ගැටුමක් නොවේ. එය ම්ලේච්ඡත්වය සහ ශිෂ්ටත්වය අතර ගැටුමකි. එය මරනය උත්කර්ෂයට නංවන්නන් සහ ජීවිතය පාරිශුද්ධත්වයට පත් කරන්නන් අතර ගැටුමකි,” යනුවෙන් පැවසීය.

නරුමත්වය වගුරවමින්, නෙතන්‍යාහු ජන සංහාරයට එරෙහි විරෝධතාකරුවන් “ටෙහෙරානයේ මෝඩ අතකොලු” ලෙස හෙලා දුටු අතර, ඔහුගේ සංචාරයට සමගාමී ව පැවති විරෝධතා ද ඇතුලුව ඒවා, “ඇමරිකාව තුල ඊශ්‍රායලයට එරෙහි විරෝධතාවලට ඉරානය අරමුදල් සපයන බවටත්, ප්‍රවර්ධනය කරන බවටත්” විකාර සහගත ලෙස ප්‍රකාශ කලේය.

යථාර්ථය නම්, නෙතන්‍යාහු යනු, යුද අපරාධකරුවෙකු ලෙස පුලුල් ලෙස පිලිගැනෙන, ලෝකයේ වඩාත්ම නින්දාවට ලක් වූ දේශපාලනඥයා බවයි. 21 වැනි සියවසේ දැවැන්තම යුද අපරාධ නිර්ලජ්ජිත ලෙස සිදු කර ඇති ඊශ්‍රායල ආන්ඩුවට සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ට එරෙහිව ලොව පුරා මිලියන ගනනක් කම්කරුවන් හා තරුනයින් විරෝධතා දක්වා ඇත.

ගාසා ජන සංහාරයට එරෙහිව සිදුවී ඇති අනෙකුත් සියලු විරෝධතා අතර සසප රැලිය සුවිශේෂී විය. සෑම කථිකයෙක්ම ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙලක් මත පදනම් වෙමින්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුකම සඳහා සටන් කරමින් විප්ලවවාදී සමාජවාදී මූලෝපායක් ඉදිරියට ගෙන ගියහ. විවිධ ව්‍යාජ-වාම දේශපාලන ප්‍රවනතාවන් විසින් කැඳවනු ලැබ ඇති අසංඛ්‍යාත විරෝධතාවලට ප්‍රතිවිරුද්ධව, සසප රැලිය රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල දිගහැරෙන එක්සත් ජනපද-නැටෝ යුද්ධය, ගාසාවේ ජන සංහාරය සහ වර්ධනය වෙමින් පවතින තුන්වන ලෝක යුද්ධය නැවැත්වීම සඳහා බලගතු යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට දේශපාලන ඉදිරිදර්ශනයක් සැපයීය.

සසප (එක්සත් ජනපදය) සහකාර ජාතික ලේකම් ලෝරන්ස් පෝටර් විසින් මුලසුන දැරූ මෙම රැලිය ආරම්භ කරන ලද්දේ, එක්සත් ජනපදයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පූර්න පිටුබලය ඇතිව, ඊශ්‍රායල ආන්ඩුව විසින් ඝාතනය කරන ලද අසංඛ්‍යාත පලස්තීනුවන්ගේ මතකයට ගෞරව කිරීම සඳහා මොහොතක නිශ්ශබ්දතාවයක් පවත්වමිනි.

පෝටර් මෙසේ සඳහන් කලේය:

අප මෙතන සිටින්නේ සත්‍ය පැවසීමට යි. ජන සංහාරයට හා යුද්ධයට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තියේ යෝධ ශක්තිය හා බලය බලමුලු ගැන්වීමත්, ඒ සඳහා, ඩිමොක්‍රටිකයින් හා රිපබ්ලිකානුවන්ගෙන් එහි දේශපාලන ස්වාධීනත්වයත් අවශ්‍ය වේ.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

පෝටර් පසුව, 2024 එක්සත් ජනපද මැතිවරනයේදී සසප උප ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් හඳුන්වා දුන්නේය. වයිට්ගේ කථාව, ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමරිකානු ෆැසිස්ට් ව්‍යාපාරයක වැඩෙන තර්ජනය ඉස්මතු කර පෙන්වූ අතර, යුද්ධයට එරෙහි අරගලය, කම්කරුවන් තම රැකියා, වැටුප් සහ ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීමට කරන අරගලය සමග සම්බන්ධ කලේය.

වයිට් ප්‍රකාශ කලේ:

අද ගාසාවේ වධකයා තම ලෙයින් තෙත් වූ මන්ත්‍රන සභා වලට සාදරයෙන් පිලිගන්නා එක්සත් ජනපද කොංග්‍රසයේ සිටින යුද අපරාධකරුවන්ට සහ සංගත ලොක්කන්ට එරෙහිව, සමාජවාදී සමානතා පක්ෂය, සාමය, යහපත් රැකියා සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීමට කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන යනවා.

ඔහු මෙසේ සමාප්ත කලේය:

ගාසා තීරයේ ජන සංහාරයට එරෙහි ගෝලීය විරෝධතා පෙන්නුම් කරන්නේ, කම්කරු පන්තිය වෙන කවරදාටත් වඩා එක්සත් වී ඇති බවයි. අද යුද්ධයට, දේශගුනික අර්බුදයට, වසංගතයට, අසමානතාවයට හෝ දරිද්‍රතාවයට ජාතික විසඳුම් තියෙන් බැහැ. මේවා ලෝක ගැටලු. මේවාට අවශ්‍ය නෙන්නේ ලෝක විසඳුම්.

මානව වර්ගයාගේ ප්‍රගතිය සඳහා, කම්කරු පන්තිය ධනේශ්වර ලාභයට සහ යල් පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතියට සමාජය යටත් කිරීම අවසන් කල යුතුයි; තාර්කික, ගෝලීය හා ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත ආර්ථික හා දේශපාලන ජීවිතය ප්‍රතිසංවිධානය කල යුතුයි. එනම්, සමාජවාදය සඳහා සටන් ක යුතුයි.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

වයිට්ගෙන් පසුව, ගාසා ජන සංහාරය, යුක්‍රේනයේ යුද්ධය සහ භූ දේශපාලනය ගැන පුලුල් ලෙස ලියා ඇති ලෝසවෙඅ ලේඛක ඇන්ඩෘෘ ඩේමන් කතා කලේ ය.

ඩේමන්, ඊශ්‍රායලයට 'තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය' ගැන නිමක් නැතිව පුනරුච්චාරනය කරන අධිරාජ්‍යවාදී ප්‍රචාරනය හෙලිදරව් කලේය:

බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ අරමුන ඇතිව භූමිය තුල වාඩිලාගෙන සිටින ඊශ්‍රායලයට, සිරගත ජනගහනයකට එරෙහිව 'තමන්ව ආරක්ෂා කර ගැනීමේ' අයිතියක් නැත. මේ හේතුව නිසා, ජාත්‍යන්තර අධිකරනය පසුගිය සතියේ තීන්දුවකින් පැහැදිලි කල පරිදි, ‘1967 සිට අල්ලාගෙන සිටින පලස්තීන භූමි’ ඊශ්‍රායලය විසින් අත්පත් කර ගැනීම ‘නීති විරෝධී’ වේ.

ගාසා ජන සංහාරය සහ හොලෝකෝස්ටය (සමූලඝාතනය) අතර සාම්‍යයක් ගෙනහැර පාමින් ඩේමන් මෙසේ ප්‍රකාශ කලේය:

ඇඩොල්ෆ් හිට්ලර්, පෝලන්තයට එරෙහිව සමූලඝාතන යුද්ධය දියත් කිරීමට පෙර ඔහුගේ ජෙනරාල්වරුන් අමතමින්, ‘දැන් කවුද ආර්මේනියානුවන් සමූලඝාතනය කිරීම ගැන කතා කරන්නේ?’ යනුවේ ඇහුවා. ඔහු තමන්ගෙ සොල්දාදුවන්ගෙන් ඉල්ලා සිටියේ, ජෙන්ගිස් ඛාන් අනුකරනය කරමින් සමස්ත ජනතාවට එරෙහිව අනුකම්පාවකින් තොරව යුද්ධ කරන ලෙසයි.

ආමේනියානු ජන සංහාරයේ දී හිට්ලර්ගේ පූර්වාදර්ශය වගේම, ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් පලස්තීනුවන් අනුකම්පා විරහිතව සමූලඝාතනය කිරීම යුද්ධයේ දී අනුගමනය කල යුතු ආදර්ශය ලෙස දකිනවා—ඒක, යුක්‍රේනියානුවන් හෝ රුසියානුවන් හෝ චීන හෝ තායිවාන ජාතිකයන් පමනක් නොව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ 'නව ලෝක පර්යාය' ලෙයින් සහ විසිරුනු බඩවැල්වලින් වාත්තු කිරීමට විනාශ වන මිලියන සංඛ්‍යාත ඇමරිකානු කම්කරුවන් බිලි දීමට කැමති යුද්ධයක්.

සෑම අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයකින්ම ප්‍රවාහයක් සේ ගලා විත් ලොව පුරා පැතිර යන ම්ලේච්ඡත්වයේ රැල්ල නැවැත්වීමට අද අපි පෙලපාලි යනවා. අද අපි එකතු වෙන්නේ යුද්ධයට එරෙහිව යුද්ධ කරන්න.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

2022 දී යුනයිටඩ් ඔටෝ වර්කර්ස් හි සභාපති ධුරයට තරඟ කල සමාජවාදී මෝටර් රථ කම්කරුවෙක් වන විල් ලීමන් ඊලඟට කතා කලේය. කක්‍රික-ජාස හි නායකයෙකු ලෙස, ඔහු එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව කම්කරුවන් අතර යුද්ධයට එරෙහිව වැඩෙන විරුද්ධත්වය කෙරෙහි අවධානය යොමු කරමින් මෙසේ ප්‍රකාශ කලේය:

මගේ කම්හලේ සහ මා සමඟ කතා කරන මෝටර් රථ කම්කරුවන් අතර, යුද විරෝධී හැඟීම් පොදු යි. යුද්ධයට වත් කරන ඩොලර් ට්‍රිලියන ගනන්, ඉහල වැටුප්, නිවාස, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා යෙදවිය යුතු බව කම්කරුවන් දන්නවා.

රටේ සම්පත් හිංදපු, මිලියනයකට අධික සිවිල් වැසියන්ගේ මරනවලට තුඩු දුන් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ යුද්ධ, පෙර නොවූ විරූ මට්ටමේ සෝදිසි කිරීම්වලටත්, අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර යුක්ති සහගත කිරීමටත් යොදා ගත් බව අපට අමතක නැහැ.

බයිඩන්-හැරිස් පාලනාධිකාරයට පිටුබලය දෙන අතරම ගාසා ජන සංහාරයට එරෙහි යැයි හුවා දක්වා ඇති යූඒඩබ්ලිව් නිලධරයේ බොරු හෙලිදරව් කිරීම දක්වා ලීමන් ඉදිරියට ගියේය. ඔහු මෙසේ අදහස් දැක්වීය:

යූඒඩබ්ලිව් හි ප්‍රකාශය නිකුත් කරන ලද්දේ සමාන්‍ය කම්කරුවන් වෙනුවෙන් නොව, අපට ලැබිය යුතු මුදලින් ඉලක්කම් හයේ පඩි ගන්නා වෘත්තීයවේදීන්ගේ සහ පරපෝෂිතයන්ගේ පිම්බුනු යාන්ත්‍රනය වෙනුවෙන්. මෑත වසරවලදී වඩාත් නරක අතට හැරුනු, ක්‍රමානුකූල දූෂනවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් වසර ගනනාවක් ෆෙඩරල් උසාවි අධීක්ෂනය යටතෙයි ඉන්නෙ.

ෂොන් ෆේන් ගාසාවේ ජන සංහාරයට විරුද්ධ වීම ගැන අර්ථ විරහිත ප්‍රකාශ කිහිපයක් කරලා තියෙනවා; ඔහු බයිඩන්ට සහ දැන් හැරිස්ට පූර්න සහයෝගය ලබා දෙන කෙනෙක්. මේ අතර, යූඒඩබ්ලිව් නිලධරය ඊශ්‍රායල වාඩිලාගැනීමේ හමුදා සඳහා ආයුධ සහ උපකරන නිෂ්පාදනය කරන යූඒඩබ්ලිව් කම්හල්වල නිෂ්පාදනය පවත්වාගෙන යනවා. ජන සංහාරයට, 1816271194749853926යුද්ධයට සහ ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය තුල ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

මීලඟ කථිකයා වූයේ සසජාතශි ජාතික කමිටුවේ සාමාජිකයෙකු වන ඇන්ඩි තොම්සන් ය. තොම්සන් තරුනයන් මත ජන සංහාරයේ බලපෑම පිලිබඳව ඔහුගේ ප්‍රකාශය අවධානය යොමු කලේ, “ජනවාර්ගික ශුද්ධකරනය කිරීමේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ඊශ්‍රායල රාජ්‍යය පාසල්, විශ්ව විද්‍යාල සහ සංස්කෘතික ආයතන ඉලක්ක කරනවා. ඇත්ත වශයෙන්ම, ඔවුන් උත්සාහ කරන්නෙ සමස්ත සංස්කෘතියක් විනාශ කිරීමට යි.”

සිය දහස් ගනනක් මරා දැමූ සහ න්‍යෂ්ටික සමූලඝාතනයක තර්ජනයට ලක්ව ඇති යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව උග්‍රවන එක්සත් ජනපද-නේටෝ යුද්ධය ද තොම්සන් හෙලා දුටුවේය.

සසජාතශි සමග අනුබද්ධ බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ නායකයෙකු වන යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගැනීම කෙරෙහි ඔහු අවධානය යොමු කලේ මෙසේය:

සෙලෙන්ස්කි ආන්ඩුව බොග්ඩාන් සිරගත කර ඇත්තේ ඔහුගේ අදහස් නිසා මිස අන් කිසිවක් නිසා නොවේ. රුසියානුවන් සහ යුක්‍රේනියානුවන් සහ සියලුම රටවල කම්කරුවන් සහෝදරයන් බවත්, ඔවුන් යුද්ධයට එරෙහි ව්‍යාපාරයක එකට එකතු විය යුතු බවත් ඔහු විශ්වාස කරන නිසා. බොග්ඩාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ධනේශ්වර ක්‍රමයට විය හැකි ලොකුම තර්ජනය වන විප්ලවවාදී සමාජවාදය සඳහා සටන්කරුවෙකු වීම හේතුවෙන්.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

ඊලග කථිකයා වූ ලෝසවෙඅ ලේඛක එරික් ලන්ඩන්, සංක්‍රමනය හා එක්සත් ජනපද දේශපාලනය ගැන පුලුල් ලෙස ලියා ඇත්තෙකි. 'මානව හිමිකම්' අධිරාජ්‍යවාදයේ වංචාව හෙලිදරව් කරමින් ඔහු පැහැදිලිවම මෙසේ විමසීය:

රට තුල ප්‍රජාතන්ත්‍රවාදය තුරන් කර ඇති පාලක පන්තිය විදේශයන්හි ‘ප්‍රජාතන්ත්‍රවාදය’ පතුරුවන බවට ප්‍රකාශ කරන්නේ කෙසේද? ජාතිකවාදය, විජාතික-භීතිකාව සහ අන්ධ-දේශානුරාගයේ විසකුරු මිශ්‍රනය දේශපාලන පරිසර පද්ධතියට විෂ කවා ඇත. ධනේශ්වර පාලනයේ සියලුම ආයතන—සංගත මාධ්‍ය, වෘත්තීය සමිති නිලධරයන්, ශ්‍රේෂ්ඨාධිකරනය සහ ප්‍රධාන පක්ෂ දෙක—පහල සියයට 90 රාජ්‍ය ප්‍රතිපත්තියට කිසිදු බලපෑමක් කිරීමෙන් බැහැර කරන කතිපයාධිකාරී ප්‍රභූ පැලැන්තියේ අවශ්‍යතාවලට මුලුමනින්ම යටත් ය.

සංක්‍රමනිකයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි අනුකම්පා විරහිත ද්විපාර්ශ්වික ප්‍රහාරය විස්තර කිරීමෙන් පසුව, ලන්ඩන් සමාජවාදී පිලිතුරක් ඉදිරිපත් කරමින් මෙසේ ප්‍රකාශ කලේය:

ප්‍රජාතන්ත්‍රවාදය සහ සංක්‍රමනිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටනෙන් වෙන් කරන්න බැහැ. සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටින්නේ, රඳවාගෙන සිටින සියලුම සංක්‍රමනිකයන් නිදහස් කිරීම, පිටුවහල් කිරීමේ ක්‍රියාදාමයන් නවතා දැමීම සහ පිටුවහල් කිරීමේ තර්ජනයට එරෙහිව සංක්‍රමනික හා සංක්‍රමනික නොවන කම්කරුවන් එක්සත් කිරීම සඳහා අසල්වැසි ප්‍රදේශ, පාසල් සහ සේවා ස්ථානවල කමිටු ජාලයක් වර්ධනය කිරීම සහ ජීවන තත්වයන් පහත වැටීමට වගකිව යුත්තේ සංගත සහ පක්ෂ දෙකක් නොව සංක්‍රමනිකයන්ය යන සම්භාව්‍ය ෆැසිස්ට් වැරදි මග පෙන්වීම හෙලිදරව් කරමින් කම්කරුවන් දැනුවත් කරන ලෙස යි.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

ලන්ඩන් ට පසුව, සමාජවාදී සමානතා පක්ෂයේ සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් රැලිය ඇමතීය. 1945 නොවැම්බර් 21 වන දින නියුරම්බර්ග්හි ජාත්‍යන්තර හමුදා විනිශ්චය සභාවට ප්‍රකාශ කරන ලද, එක්සත් ජනපදයේ ප්‍රධාන උපදේශක රොබට් එච්. ජැක්සන්ගේ ආරම්භක ප්‍රකාශය උපුටා දක්වමින් නෝර්ත් කතාව ආරම්භ කලේ ය:

නාසි නායකයින් ලෙස ඔවුන් වරක් ලෝකයේ බොහෝ ආධිපත්‍යය දැරූ සහ එහි වැඩි කොටසක් භීතියට පත් කල බලයක් තිබූ මෙම මිනිසුන් වහලුන් ලෙස වටහා ගැනීම දැන් දුෂ්කර ය. හුදෙක් පුද්ගලයන් වශයෙන් ඔවුන්ගේ ඉරනම ලෝකයට එතරම් විපාකදායක නොවේ.

මෙම ජූරි විභාගය වැදගත් වන්නේ, මෙම සිරකරුවන්ගේ සිරුරු පොලොවට පස්ව බොහෝ කලකට පසු ද ලෝකය තුල සැඟවී පවතින පාපකාරී බලපෑම් නියෝජනය කිරීම නිසා ය. අපි ඔවුන්ව වාර්ගික වෛරයේ, ත්‍රස්තවාදයේ, ප්‍රචන්ඩත්වයේ, උඩඟුකමේ සහ කෲරත්වයේ ජීවමාන සංකේත ලෙස පෙන්වමු. දරුනු ජාතිකවාදයේ සහ මිලිටරිවාදයේ සංකේත වන ඒවා, පරම්පරාවෙන් පරම්පරාවට යුරෝපය පටලවා, එහි පුරුෂභාවය තලා පෙලා, එහි නිවාස විනාශ කර, සහ එහි ජීවිතය දර්ද්‍රතාවයට ඇද දමා ඇත. ඔවුන් වැලඳගත් දර්ශනයන් සහ මෙහෙයවූ බලවේගයන් සමඟ කෙතරම් හොඳින් හඳුනාගෙන තිබේද යත්, ඔවුන් කෙරෙහි ඇති ඕනෑම මුදු මොලොක් බවක් ඔවුන්ගේ නම් සමඟ බැඳී ඇති සියලුම දුෂ්ටත්වයන්ට ජයග්‍රහනයක් සහ දිරිගැන්වීමක් වේ. දැන් එම බලවේග අඩමාන ලෙස නොනැසී පවතින මිනිසුන් සමඟ අප අපැහැදිලි ලෙස හෝ අවිනිශ්චිතව ගනුදෙනු කලහොත් නව ශක්තියක් ලබා ගනු ඇති මෙම සමාජ බලවේග සමඟ ශිෂ්ඨාචාරයට කිසිදු සම්මුතියක් නැත.

නොර්ත් මෙසේ අදහස් දැක්වීය:

සත්‍යය නම්, මීට වසර 79 කට පෙර ජැක්සන් පැවසූ සෑම වචනයක්ම එක්සත් ජනපදයේ නායකයින්ට එරෙහිව මෙන්ම, අද අප සිටින තැනට මඳක් පහලින් රැස්ව සිටින අයට, එනම් ජර්මනියේ, ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ, අධිරාජ්‍යවාදී පාලකයන්ගේ සමස්ත සමුහයේ පාලක පන්තිවල නායකයින්ට එරෙහිව ඊට නොඅඩු බලයකින් ප්‍රකාශ කල හැකි වීම යි.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

ඉන්පසු ඔහු සමකාලීන යුද විරෝධී ව්‍යාපාරය සහ ඔහු සහභාගී වූ වියට්නාම් යුද්ධයට එරෙහි ව්‍යාපාරය අතර සාම්‍යයන් පෙන්වා දෙමින් මෙසේ විමසීය:

ඊටත් වඩා විශාල අපරාධවලට එරෙහිව අපි අඩසියවසකට පසුව උද්ඝෝෂනය කරමින් සිටීමෙන් අප උකහා ගත යුතු පාඩම් මොනවාද? පාඩම නම්, එදා අප මුහුන දුන් මහා ප්‍රශ්නය වූයේ ඓතිහාසික දැනුම, ලොව පුරා විප්ලවවාදී අරගලවල අත්දැකීම්වලින් දේශපාලන පාඩම් උකහා ගැනීමේ හැකියාව පිලිබඳ ප්‍රශ්නය යි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වැදගත්කම එයයි. අනෙකුත් විරෝධතා වලදී පවසන කිසිවක, මාක්ස්වාදීන් විසින් ඉදිරිදර්ශනය ලෙස හඳුන්වන දෙය ඉදිරිපත් කිරීමට උත්සාහ නොකරයි.

යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට මඟ පෙන්විය යුතු මූලික මූලධර්ම නෝර්ත් අවධාරනය කලේ මෙසේය:

යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර බලවේගයක් ලෙස කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අවශ්‍ය වේ. ඒ සඳහා කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කිරීම අවශ්‍ය වේ. ධනපතියන්ට විරෝධය දැක්වීම, සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඔවුන්ට ආයාචනා කිරීම නොව, කම්කරු පන්තියට මෙම භීෂනයට තිත තැබීමට අවශ්‍ය නම්, අනාගතයක් සුරක්ෂිත කිරීමට අවශ්‍ය නම්, එය පැහැදිලි කරන ඉදිරිදර්ශනයක් එයට අවශ්‍ය වේ; ඔවුන් බලය අත්පත් කර ගත යුතුයි. ප්‍රශ්නය එයයි, අද අප ඉදිරිපත් කරන පනිවිඩය එයයි.

එක්සත් ජනපද මැතිවරනයේදී සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝසප් කිෂෝර්ගේ කථාවකින් රැලිය අවසන් විය. ගාසා ජන සංහාරයේ ඓතිහාසික පසුබිම සමාලෝචනය කරමින් කිෂෝර් මෙසේ ප්‍රකාශ කලේය:

වර්තමාන ජන සංහාරය ශතවර්ෂ තුන්කාලකට වැඩි කාලයක් අවතැන්කිරීම්, වාඩිලාගැනීම් සහ ප්‍රචන්ඩත්වයේ ප්‍රතිඵලයකි. ගෝලීය ආර්ථිකයක් පවතින යුගයක අන්ත ජාතිකවාදයේ දෘෂ්ටිවාදයක් වන සියොන්වාදයේ අවසාන ලක්ෂ්‍යය එයයි. බොහෝ යුදෙව් කම්කරුවන් සහ තරුනයන් විසින් බෙදාගත් සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී අදහස්වලට එරෙහිව යොමු වූ දෘෂ්ටිවාදයක් වන එහි මූලාරම්භය, මැදපෙරදිග අධිරාජ්‍යවාදයේ බලකොටුවක් ලෙස සේවය කරන රාජ්‍යයක පදනම ගොඩනඟා ඇත.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

කිෂෝර්, ඉරිදා බයිඩන් සිය ජනාධිපතිවරන ප්‍රචාරක ව්‍යාපාරය අවසන් කිරීමෙන් පසු නව අදියරකට ලඟා වූ එක්සත් ජනපදයේ තීව්‍ර වෙමින් පවතින දේශපාලන අර්බුදය ආමන්ත්‍රනය කලේය:

ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස බයිඩන් ඉල්ලා අස්වීමත් සමඟ, පන්දම “ජන සංහාරක ජෝ” ගෙන් “මිනීමරු කමලා” ට මාරු වෙමින් පවතී. නෙතන්‍යාහුගේ සංචාරය පිලිබඳ මහජන කෝපය ගැන කනස්සල්ලට පත්ව සිටින හැරිස්, අද පැවැත්වෙන කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරයේ මුලසුන නොදැමීමට තීරනය කරමින් එම ස්ථානයෙන් ඉවත්ව ඇත. නෙතන්‍යාහුට, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අඛන්ඩ සහයෝගය පිලිබඳ ඇයගේ සහතිකය පුද්ගලිකව ලබා දෙනු ඇත.

ඇමරිකානු පාලක පන්තිය මෙම අපරාධයට පිටුබලය දෙන්නේ ඊශ්‍රායලය දිගු කලක් මැද පෙරදිග ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආරක්ෂක වලල්ලක් ලෙස සේවය කර ඇති නිසා පමනක් නොව, 'පලස්තීන ගැටලුවේ' 'අවසාන විසඳුම' ගෝලීය යුද්ධයක සංරචක කොටසක් ලෙස ඔවුන් දකින නිසාය.

කිෂෝර් බලසම්පන්න ලෙස මෙසේ අවසන් කලේය:

අප අභිමුඛව ඇති අභියෝගවලට මුහුන දීම සඳහා, අතීතයේ අත්දැකීම් ඉදිරියට ගෙන ඒම, මාක්ස්වාදයේ, සමාජවාදයේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායන් නැවත කැඳවීම අවශ්‍ය වේ. මෙම සම්ප්‍රදායන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව වන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල මූර්තිමත් වේ. මිලියන ගනනක් කම්කරුවන් හා තරුනයින් මුහුන දෙන දැවැන්ත ප්‍රශ්න වලට අන් කිසි තැනක විශිෂ්ට පිලිතුරු සොයාගත නොහැක, මන්ද එය මහා අරගලවල විශිෂ්ට අත්දැකීම් මූර්තිමත් කරන බැවිනි. ධනවාදය මානව වර්ගයා ව්‍යසනය කරා ගෙන යමින් සිටී. කම්කරු පන්තිය වෙනත් සමාජ පර්යායක් සඳහා සටන් කල යුතුය.

රැලියෙන් පසුව, යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම පිලිබඳ තවදුරටත් උපාය මාර්ග සකස් කිරීම සඳහා සහභාගී වූවන් තීරනාත්මක සාකච්ඡාවකට සහභාගී වූහ. සාමූහිකව, සසප විසින් පවත්වන ලද බදාදා රැලිය සහ රැස්වීම ලෝක අධිරාජ්‍යවාදයේ මධ්‍යයේ සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ සන්ධිස්ථානයක් සලකුනු කලේය. ඉදිරි දිනවලදී, ලෝසවෙඅ රැලියේ සහ රැස්වීමේ සම්පූර්න වීඩියෝව මෙන්ම ඒවායේ දේශපාලන වැදගත්කම පිලිබඳ වැඩිදුර විවරනයක් ද ප්‍රකාශයට පත් කරනු ඇත.

Loading