සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) නොවැම්බර් 14 මහ මැතිවරනය සඳහා සිය උද්ඝෝෂනය ආරම්භ කරමින් ඔක්තෝබර් 18 දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.
සසප, කොලඹ, යාපනය සහ නුවරඑලිය යන මැතිවරන දිස්ත්‍රික්ක තුන සඳහා අපේක්ෂකයින් 41 දෙනෙකු ඉදිරිපත් කරයි. දිගුකාලීන සසප දේශපාලන කමිටු සාමාජිකයින් වන විලානි පීරිස්, පී.ටී. සම්බන්ධර් සහ එම්.තේවරාජා, මෙම දිස්ත්‍රික්ක තුන සඳහා ඉදිරිපත් කර ඇති සසප අපේක්ෂක ලැයිස්තුවල නායකත්වය දරයි.
ලෝක යුද්ධයේ වැඩෙන තර්ජනයට, කප්පාදුවලට සහ ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම, සසප මැතිවරනයට මැදිහත්වීමේ අරමුන යි.
අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉක්මන් මැතිවරනයක් කැඳවා ඇත්තේ, පසුගිය රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීම සඳහා පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීම අරමුනෙනි.
ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගයේ (ජාජබ) නායකයා වන දිසානායක බලයට පැනගෙන ඇත්තේ, රටේ නය පැහැර හැරීමෙන් පසු ජීවන තත්වයන් කඩා වැටීමට එරෙහිව 2022 දී පුපුරා ගිය මහජන විරෝධය ගසාකමිනි. කෙසේ වෙතත්, ජාමූඅ න්‍යාය පත්‍රය ඉදිරියට යන බවට ඔහු මහා ව්‍යාපාරිකයින්ට සහ විදේශීය ආයෝජකයින්ට සහතික වී ඇත.
නරක අතට හැරෙන සමාජ අර්බුදයට කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා ගම්බද දුගීන්ගේ විරෝධයට එරෙහිව පොලිස්-රාජ්‍ය පියවරයන් මුදා හැරීමට ජාජබ/ජවිපෙ ආන්ඩුව පසුබට නොවන බවට සසප කම්කරු පන්තියට අනතුරු අඟවා සිටී. රජයට අයත් ව්‍යවසායන් 400කට අධික සංඛ්‍යාවක් පුද්ගලීකරනය හෝ ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය අංශයේ රැකියා සිය දහස් ගනනක් විනාශ කිරීම, අත්‍යාවශ්‍ය සමාජ සේවා තව දුරටත් කප්පාදු කිරීම සහ වැඩකරන ජනතාව මත තවත් බදු පැනවීමට ජාමූඅ ඉල්ලා සිටී.
සසප උද්ඝෝෂනයේ හරිමැද ඇත්තේ, වැඩෙන ලෝක යුද්ධයේ අන්තරායට එරෙහිව කම්කරු පන්තියේ හා තරුනයන්ගේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ගෙනියන අරගලය යි. වොෂින්ටනය යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධය තීව්ර කරන අතරතුර මැදපෙරදිග පුරා ගාසා තීරයේ ඊස්රායලයේ ජන සංහාරය ව්‍යාප්ත කිරීමට පිටුබලය දෙන අතරේම, එක්සත් ජනපදය හා එහි සහචරයෝ චීනයට එරෙහි යුද සූදානම වේගවත් කරමින් සිටිති.
කම්කරු පන්තිය, ගම්බද දුගීන් හා තරුනයන් මුහුන දෙන එකදු දැවෙන ප්‍රශ්නයක්වත්, ධනේශ්වර ක්‍රමය තුල සහ එය ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යවලට බෙදාතිබීම තුල නොහැකි බව සසප අවධාරනය කරයි. අපි සියලු ආකාරයේ ජාතිකවාදයට සහ වර්ගවාදයට විරුද්ධ වන්නෙමු. සමාජවාදී රේඛා ඔස්සේ සමාජය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් මත පදනම් වූ ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන අරගලයේ දී සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමට අපි සටන් වදිමු.
ඔක්තෝබර් 18 ප්‍රසිද්ධ රැස්වීමේදී පක්ෂ උද්ඝෝෂනයේ මූලික තේමා සසප කථිකයන් විසින් විස්තාරනය කරනු ඇත. මෙම වැදගත් අවස්ථාවට සහභාගී වන ලෙසත් සසප දේශපාලන වැඩපිලිවෙල හා ඉදිරිදර්ශන පිලිබඳ සාකච්ඡාවට එක්වන ලෙසත් අපි කම්කරුවන්, තරුනයින්, බුද්ධිමතුන් සහ ලෝසවෙඅ පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.
දිනය සහ කාලය : ඔක්තෝබර් මස 18 සිකුරාදා සවස 4 ට.
ස්ථානය : කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය.