2019 වසරේ ජූලි 21 වැනි දා සිට 27 වැනි දා දක්වා, සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) 1982-1986 සමයේ දී, හජාජාක එහි එවක බ්‍රිතාන්‍ය ශාඛාව වූ කම්කරු විප්ලවවාදී පක්ෂයෙන් භේද වීමේ ඓතිහාසික මූලාරම්භයන් සහ එහි දේශපාලන ප්‍රතිපල තේමා කර ගත් ජාත්‍යන්තර ගිම්හාන පාසලක් පැවැත් වීය.
න්‍යාය සහ ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙල සම්බන්ධයෙන් කම්කරු විප්ලවවාදී පක්ෂයේ සංශෝධන ගැන සවිස්තරාත්මක විවේචනයක් මූලික ව සූත්රගත කර ගැනීමේ පටන් හජාජාකයේ ලීග පක්ෂ බවට රූපාන්තරනය කිරීමේ තීරනය දක්වා වන, 1982 සිට 1995 දක්වා හජාජාකයේ ඉතිහාසය සම්බන්ධයෙන් මෙම පාසලේ දී ඉදිරිපත් කෙරුනු දේශන තම අවධානය යොමු කරයි.
කවිපයෙන් බිඳීමෙන් අනතුරු ව, 1986 පෙබරවාරියේ දී මූලෝපාය, ක්‍රියාමාර්ගය, ඉදිරි දර්ශනය සහ සංවිධාන රූපය සම්බන්ධයෙන් වන තීරනාත්මක ගැටලු අරභයා ජාත්‍යන්තර කමිටුව තුල කෙරුනු සාකච්ඡාවන් දේශකයන් විසින් විමසීමට ලක් කෙරුනි.
තීව්රවෙමින් පවත්නා දේශපාලන අභියෝගයන්ට මුහුන දීම උදෙසා, පැරනි සහ අලුත් සාමාජිකයන් යන දෙගොල්ලම ඇතුලු සමස්ත පක්ෂයේ න්‍යායික ම්ට්ටම් ඉහල නැංවීම සඳහා සමකාලීන වර්ධනයන් තුල තීව්රව නිමග්නවී ගැනීම ද “වර්තමානයේ” සාරභුත අන්තර්ගතය සමන්විතවන ඓතිහාසික සන්තතීන් අනන්‍යකොට ගෙන සවිචාර විශ්ලේශනයට භාජනය කිරීම ද අතර අන්තර්-ක්‍රියාකාරිත්වය අවශ්‍ය වෙයි.
ජාතික ප්රශ්නය ද එයට සම්බන්ධිතව ශ්‍රී ලංකා ශාඛාවේ දේශපාලන ඉදිරිදර්ශනයන් ද පිලිබඳ බැරෑරුම් විමර්ශනයක් ආරම්භ කිරීමට විකොසට සහ ජාත්‍යන්තර කමිටුවට හැකි වූයේ 1985-86 භේදයෙන් පසුව පමනි.
රුසියානු විප්ලවයේ ඓතිහාසික වලංගුතාව නිෂ්පන්න වන්නේ ඒකලිත සමාජවාදී රුසියාවක් ගොඩ නැගීමේ විය හැකියාවෙන් නොව, එය ලෝක සමාජවාදී විප්ලවයේ ආරම්භක ප්‍රහාරය වීම නිසාවෙනි.
මොස්කව් ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය හිතාමතාම දියකර හරිනු ලැබීමෙන් සහ 1991 ජනවාරියේ ආරම්භ කෙරුනු පලමු පර්සියානු ගල්ෆ් යුද්ධය දියත් කෙරී දැන් දශක තුනකට ආසන්නය.
1989 අප්‍රේල් මාසයේ සිට චීනයේ මහජන විරෝධතා පුපුරා යාම, ජුනි 3-4 රාත්‍රියෙන් පසු දින හා සතිවල කුරිරු මිලිටරි මර්දනය තුල කූටප්රාප්ති වීම චීනයේ තීරනාත්මක ඓතිහාසික සන්ධිස්ථානයක් වූ අතර, ජාත්‍යන්තරව සිදු වෙමින් පැවති ස්ටැලින්වාදයේ අර්බුදයේ ප්‍රධාන අංගයක් විය.
සෝවියට් සංගමය නිත්‍යානුකූල ව විසුරුවා හැර සති එකලොහක ඇවෑමෙන් හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රධාන සාමාජිකයන්ගේ රැස්වීමක්, එනම් පුන්සැසියක් 1992 වසරේ මාර්තු 11 වැනි දා පැවැත් වුනි. එය 1985-86 භේදයෙන් පසු ව පැවැත් වුනු එවැනි දොලොස් වැනි රැස්වීමයි. ඩේවිඩ් නෝර්ත් ආරම්භක වාර්තාවකින් “කම්කරු පන්තියේ වාස්තවික ඓතිහාසීය අනුභූතිය තුල”සෝවියට් සංගමයේ අවසානයෙන් නියෝජනය වන්නේ කුමක් දැයි පෙන්වා දුන්නේ ය.