ශ්‍රී ලංකා හමුදාපති “සයිබර් ආරක්ෂාව” සමුලුවේදී අන්තර්ජාල වාරනයක අවශ්‍යතාව අවධාරනය කරයි
විජිත් සමරංහ විසිනි, 2019 දෙසැම්බර් 13
පසුගිය සැප්තැම්බර් 27 වනදා කොලඹදී පැවති “සයිබර් ආරක්ෂාව 2019” නමැති සමුලුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා හමුදාපති වරයා සහභාගී විය. පුද්ගලික අංශයේ සමාගම් හා පුද්ගලික මාධ්‍ය ආයතන කීපයක් එක්ව සංවිධානය කල මෙම සමුලුවට, බහුජාතික සමාගම් හා ධනපති විශ්ලේෂකයන් ගනාවක් කථිකයින් හා සාකච්චා සභිකයින් ලෙස සහභාගී වී තිබිනි. එහිදී හමුදාපති වරයා කල කතාවට මාධ්‍ය හරහා පුලුල් ප්‍රචාරයක් ලබාදෙමින් ඇත. ප්‍රධාන ධනපති මාධ්‍යක් වන ඬේලි එෆ්.ටී පුවත්පතේ වෙබ් අඩවිය නොවැම්බර් 27 වෙනදා සිට කතාවේ සම්පුර්න වීඩියෝව ඉදිරිපත් කර තිබේ.
ප්‍රධාන වශයෙන්ම අන්තර්ජාලයටත්, පොදුවේ “සයිබර්” හා “ඩිජීටල්” අවකාශයේත් සුරක්ෂිත භාවයට එල්ල වී ඇති තර්ජන පිලිබඳව සමුලුවේ අවධානය නිලවශයෙන් යොමු වී තිබුනද, සමාජ ජාල හා වෙබ් අඩවි වාරනය කර රාජ්‍යයේ පාලන හස්තයට නතු කරගැනීම මෙහි පසුබිමින් දිවෙන උත්සුකයක්ව පැවතිනි. මානව හිමිකම් උල්ලංඝනය හා යුද අපරාධ පිලිබඳව දෝෂාරෝපනයන්ට ලක්වී ඇති හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රධාන කතිකයා ලෙසත්, පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදෙන නිලධාරි එම්.ආර්. ලතිෆ් සාකච්චා සභිකයෙක් ලෙසත් සමුලුවට සහභාගි කරවා ගැනීම මේ උත්සුකයේ ප්රකාශනයකි.
හමුදාපති වරයා තම කතාව මගින්, තොරතුරු තාක්ෂනය ඇතුලු, රටේ සෑම අංශයක් තුලම මිලිටරිය වඩාත් අධිකාරිවත්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව අවධාරනය කලේය. ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකා හමුදාව “සැමවිටම තමන්ට රාජකාරියෙන් අවශ්‍ය කෙරෙන සීමාවන්ගෙන්ද එහා ගොස් රටේ ස්වෛරීත්වය හා සෞභාග්‍ය සඳහා ක්‍රියා කරන” බවත්, “රාජ්‍ය බලයේ වඩාත්ම විශ්වසනීය සංස්ථාව ලෙස එය සෑම අංශයක් තුලම ආරක්ෂාව තහවුරු කිරීමට කැපවන බවත්ය.”
“රාජකාරියෙන් අවශ්‍ය කෙරෙන සීමාවන්ගෙන්ද එහා ගොස් රටේ ස්වෛරීත්වය හා සෞභාග්‍ය සඳහා” කරන ක්‍රියා ඔහු විස්තර කලේ නැත.
දියුනු රටවල් “පරිඝනක ජාල හා සයිබර් අවකාශය තුල යුද්ධයකට” සූදානම් වන බව අවධාරනය කල ඔහු, ශ්‍රී ලංකා හමුදාව පසුගිය කාලය තුල “ඉලෙක්ට්‍රොනික යුද උපක්‍රම පිලිබඳව” හැකියාවන් ගොඩනගාගෙන ඇති බවත්, “සයිබර් තර්ජන” එල්ලවෙන ඕනෑම මොහොතක ඒවා පරාජය කිරීමට ආන්ඩුවට සහාය දීමට තමන් සූදානම් බවත් පැවසීය.
සයිබර් ආරක්ෂාව, නැතහොත් තොරතුරු-තාක්ෂන ආරක්ෂාව යන්නේ පිලිගත් නිර්වචනය වන්නේ පරිඝනක පද්ධති වල මෘදුකාංග, දෘඩාංග හා ඉලෙක්ට්‍රොනික දත්ත, සොරකම් හා හානි සිදුකිරීම් වලින් ආරක්ෂා කරගැනීම හා ඒවායෙන් සැපයෙන සේවා බාධා කිරීම් හා වියවුල් කිරීම් වලින් ආරක්ෂා කරගැනීමයි. පුද්ගලික දත්ත වල ආරක්ෂාව මුල් යුගයේදී සයිබර් ආරක්ෂාවේ ප්‍රමුඛතම අරමුන විය.
නමුත් මේ සමුලුවේ හා හමුදාපති වරයාගේ අවධානය යොමු වී තිබුනේ එම මූලික අරමුනට නොව, අන්තර්ජාලය තුල රාජ්‍යයට පාලනය කරගත නොහැකි ප්රවනතාවන් දඬුගසන්නේ කෙසේද යන්නයි. “සමාජ ජාල හරහා ජාතික ආරක්ෂාවට පුලුල්වන තර්ජනයක් එල්ලවෙමින් ඇති” බවත්, “ඒවා සමාජයේ අදහස් වෙනස් කිරීමටත්, හානිකර මතවාද පතුරුවා හැරීමටත්” යොදාගනිමින් ඇති බවත් ඔහු ප්‍රකාශ කලේය.
අන්තර්ජාල භාවිතය හා විනිවිදීම පුලුල් වෙත්ම, “ජනතාව වැරදි තොරතුරු වලට ගොදුරුවීම” වැඩිවන අතර, විවිධ කන්ඩායම් සමාජයේ ඒකාග්‍රතාව බිඳ දැමීමට කටයුතු කරනු ඇති බවද ඔහු පැවසීය. අන්තර් ජාලය හා සමාජ ජාල හරහා පැතිර යන “ව්‍යාජ පුවත්” හා “අසත්‍ය ප්‍රකාශ” දැඩි ලෙස පාලනය කලයුතු බව අවධාරනය කල හමුදාපති වරයා, “සමාජ ජාලවෙබ් අඩවියක් ඉදිරියේ වාඩිවී සිටින නොමග ගිය තරුනයෙක් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුට වඩා භයානක” බවද සඳහන් කලේය. මේ සයිබර් තර්ජන පාලනය කර ගැනීම සඳහා රාජ්‍ය-පුද්ගලික සහයෝගීතා ව්‍යාපෘති ඇතිකල යුතු බවද සිල්වා යෝජනා කලේය.
අන්තර්ජාලය හරහා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සීමා කිරීමට, ධනපති ආන්ඩු යොමුවීම ලෝක ප්රපංචයකි. 2008 ලෝක ආර්ථික බිඳ වැටීමෙන් පසු ලොව පුරා තීව්ර වෙමින් ඇති කම්කරු පීඩිත අරගල වලදී, අදහස් ගලා යාමේ හා සම්බන්ධීකරනයේ මෙවලමක් ලෙස, අන්තර්ජාලය හා සමාජ ජාල, විශේයෙන්ම තරුන කම්කරුවන් හා ශිෂ්‍යයින් අතර ප්‍රචලිත වෙමින් ඇත.
2011 වසරේ පුපුරාගිය ඊජිප්තු විප්ලවයේදී සමාජ ජාල හරහා ප්රගතිශීලී හා සටන්කාමි අදහස් වේගයෙන් පැතිර ගිය අතර, විරෝධතා හා පෙලපාලි සංවිධානය කිරීම සඳහා එම සේවා විරෝධතා කරුවන් විසින් යොදා ගැනිනි. මේ වසරේ පැරිසියේ කහ-බැනියම් විරෝධතා වනවිට, අදහස් ප්රකාශනය හා සංවිධානය සඳහා පමනක් නොව, විරෝධතා හා පෙලපාලි සජීව ලෙස ලෝකයටම ප්‍රචාරය කිරීමට ද සටන්කාමී කම්කරුවෝ අන්තර්ජාල මාධ්‍යයන් යොදා ගත්හ. ශ්‍රී ලංකාවේද, 2018 දෙසැම්බර් මාසයේ ඇවිලීගිය වතු කම්කරුවන්ගේ වැඩවර්ජනයේදී, කොලඹ ගාලු මුවදොර පිටියට විරෝධතාවක් සඳහා එක්දිනක් තුල සමාජ ජාල හරහා පන්දහසක් රැස්කිරීමට, තරුන කම්කරුවන් පිරිසක් සමත් විය.
අධිරාජ්‍යවාදීන් හා ධනපති ආන්ඩු මේ වර්ධනයන්ට ප්‍රතිචාර දැක්වුයේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවීම, හෝ සමාජ ජාල හා වෙබ් අඩවි වාරනය කිරීම මගිනි. ආන්ඩු පමනක් නොව, තොරතුරු තාක්ෂන අංශයේ පුද්ගලික සමාගම්ද, විවිධ රටවල හමුදා, හා රහස් ඔත්තු සේවා, හා එක්ව මේ වාරනයට අතගසා ඇත. මෙයට ප්‍රමුඛතම උදාහරනයක් වන්නේ 2018 වසරේදී “ගූගල්” සමාගම විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්රමුඛ, සමාජවාදී, ප්රගතිශීලී හා යුද විරෝධී අදහස් දරන වෙබ් අඩවි 13කට තම අන්තර්ජාල ගවේෂන පිටුව හරහා ප්‍රවේශ වීම සීමා කිරීමේ වාරනයක් ගෙන ඒමයි.
පසුගිය කාලය පුරාම, “ෆේස් බුක්”, “ට්විටර්” ආදී සමාජ-ජාල සමාගම්ද, තම සේවාවන් තුල අදහස් ප්රකාශනයට එරෙහිව වාරන පැනවීය. විශේෂයෙන්ම ඇමරිකානු මිලිටරි අපරාධ හෙලිකල ජුලියන් අසාන්ජ් හා චෙල්සී මැනින් නිදහස් කිරීමට ගෙනගිය උද්ඝෝෂන වලට ප්‍රචාරය දීම “ෆෙස්බුක්” හා “ට්විටර්” මගින් වාරනය කල අතර, පසුගිය ජුනි මස අසාන්ජ්ගේ නිදහස සඳහා පැවැත්වූ විරෝධතාවක් වෙනුවෙන් පලකල මුදල් ගෙවූ දැන්වීමක් ද “ෆෙස් බුක්” මගින් ඉවත් කිරීම මගින් මේ වාරනය නව ඉහලකට ගෙනගොස් ඇත.
“ව්‍යාජ පුවත්” යන ව්‍යාජය යොදා ගනිමින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීමට ධනපති සන්ස්තාපිතය ගෙනයන වැඩපිලිවෙල කොතරම් ගැඹුරු කර ඇත්ද යත්, 2018 වසරේදී යුනෙස්කෝව (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය), “ජනමාධ්‍ය වේදය, ව්‍යාජ පුවත් හා ව්‍යාජ තොරතුරු” යනුවෙන් අත්පොතක් ද නිකුත් කරමින් කියා සිටියේ, සමාජ ජාල ඔස්සේ නිදහසේ අදහස් ගලායාම නිසා “අධිකාරිවත් මුලාශ්‍ර” හා “විශ්වසනීය ජනමාධ්‍ය” වලට හානි සිදුවී, “තොරතුරු අවුලකට” ලෝකය ඇදෙමින් ඇති බවයි.
සයිබර් අවකාශයද ඇතුලුව, ලෝකයේ කුමන ස්ථානයක හෝ අවකාශයක් තුල හෝ ධනපති පාලනයෙන් තොරව නිදහසේ අදහස් ප්‍රකාශ වීමට ඉඩ දීම, තමන්ට මාරාන්තික විය හැකි බව ලොව පුරා ධනපති පාලකයෝ නිගමනය කර ඇත. මින් පෙරද ශ්‍රී ලංකාව තුලත්, පසුගිය සිරිසේන වික්‍රමසිංහ පාලනය මගින් අන්තර්ජාල හා සමාජ ජාල වාරන පැනවීම ආරම්භ කර තිබින.
2018 මාර්තුවේ මුස්ලිම් විරෝධී වර්ගවාදී ප්‍රහාර දියත් වූ අවස්ථාවේ එය නිදහසට කරුනක් ලෙස යොදාගනිමින් සමාජ ජාල වාරනය කෙරුනු අතර 2019 අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසුව ද සතියකට ආසන්න කාලයක් එලෙසම තහනමක් දියත් විය. 2017 දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනව විවේචනය කල ලිපියක් පලකිරීම නිසා “ලංකා ඊ නිවුස්” නමැති වෙබ් අඩවිය ද වාරනයකට ලක් විය.
මේ සමුලුවේ තම කතාවෙන් හමුදාපති වරයා අවධාරනය කෙරෙන්නේ, අන්තර්ජාල වාරනය වඩාත් විධිමත්ව ඍජු හමුදා මැදිහත්වීමෙන් සිදුකල යුතු බවයි. ශ්‍රී ලංකාවේ පාලනය තුලට මිලිටරිය වැඩි වැඩියෙන් අන්තර්ග්රහනය කර ගැනීමේ අවශ්‍යතාව, හමුදා පති ධුරයට පත්වූදා පටන් සිල්වා දිගින් දිගටම මතුකර ඇත. මෑතදී ඉන්දියාවේ “භාරත් ශක්ති” නමැති ආරක්ෂක තොරතුරු වෙබ් අඩවිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ද ඔහු හමුදාව රටේ විවිධ අංශවල පාලනයට ඍජුව මැදිහත් විය යුතු බව සඳහන් කලේය. ලංකාවේ ධනපති පන්තියේ කොටස් හමුදාපතිගේ මූලිකත්වය ගැනීම් ඉහලින්ම පිලිගෙන ඇතුවා නිසැක ය.
නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරනයෙන් හිටපු හමුදා නිලධාරියෙක් හා මිලිටරිය හා සිංහල වර්ගවාදීන් මත වාරුවී සිටින්නන් වන ගෝඨාභය රාජපක්ෂ ජයගැනීමෙන් පසු ලංකාවේ කර්මාන්ත හා මුල්‍ය අංශයේ ධනපතියන් ඔහු වටා වහාම රොක්වී, ජයග්රනය උත්කර්ෂයට නැංවීමට යුහුසුලු වූහ.
2018 හා 2019 වසර වල පුපුරාගිය කම්කරු හා ශිෂ්‍ය අරගල ගැන ධනපති පාලන තන්ත්රය හා ධනපතීන් තුල ගැඹුරට දිවගිය භීතියක් ඇත. ඒවාට වේගයෙන් ඇදෙමින් ඇති තරුන පිරිස් අත අන්තර් ජාලය හා සයිබර් අවකාශය ධනපති ක්‍රමයට එරෙහි මෙවලමක් බවට පත්වීම වලක්වා ගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටිති. අන්තර්ජාලවාරනය සඳහා පමනක් නොව, හැකිනම් රාජ්‍ය බුද්ධි අංශ හා රහස් ඔත්තුසේවා වලට මහජනතාව පිලිබඳව ඔත්තු බැලීමට පහසුකම් සපයා දීමටද ධනපති සමාගම් පසුබට නොවනු ඇත. හමුදාපතිගේ මේ කතාව, රජයේ ආයතන හා ආරක්ෂක අංශ සමග ධනපති සමාගම් මූලෝපායිකව ඇතිකරගනිමින් ඇති සම්බන්ධාතා වල එක් ප්රකාශනයක් පමනි.
පසුගිය සියවසේ විද්‍යාත්මක වර්ධනයන්ගේ හා ගෝලීයව ඒකාග්ර වූ ශ්‍රමයේ විශිෂ්ඨතම ජයග්රහනයක් වන අන්තර්ජාලය මගින් උදා කර ඇති නව විභවයන්, යල්පැනගිය ලාභ ක්‍රමය, ජාතික රාජ්‍ය සීමාවන් හා හමස්කඩ වූ ධනපති ආයතන සමග අනිවාර්ය වශයෙන්ම ගැටෙයි. මේ තාක්ෂනයන් හරහා සමස්ත මානව වර්ගයාම ඒකාබද්ධ වීම, හා අදහස් හා ඥානය නිදහසේ ගලායාම වලකා, ඒවා ලාබ ගැරීමට පමනක් ගැට ගසා තබා ගැනීම ධනපති සමාගම් වල අවශ්‍යතාවයි. මේ සඳහා රාජ්‍ය හා මිලිටරිය සමග එක්ව සමාගම් ගෙනයන කුමන්ත්රන පරාජය කල හැක්කේ, මේ සම්පත් වල ධනපති අයිතිය අහෝසි කොට, ලොව පුරා තොරතුරු තාක්ෂන අංශයේ වැඩ කරන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී පාලනයට ඒවා නතුකර ගැනීමෙන් පමනි.
Follow us on